හම්බන්තොට ධීවරයින් සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් අතර ගැටුමක් (ඡායාරූප)

හම්බන්තොට ධීවර වරායේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ ධීවරයන් පිරිසක් අතර අද (09) දහවල් ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් බිමට වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුගිය ඩිංගි බෝට්ටුවක් සහ බහුදින ධීවර යාත්‍රාවක් මුහුදේ දී ගැටී ඇති අතර, ඒ සම්බන්ධව දෙපාර්ශවයේම ධීවරයන් වෙරළ ආරක්ෂක නිලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා.

එහිදී අදාළ පාර්ශ්වයන් සමතයකට පත්ව ඇති අතර, අනතුරුව ධීවර කාර්මිකයින් පිරිසක් වෙරළ ආරක්ෂක නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකර ගැනීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ ධීවරයින් 08 දෙනෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05