හම්බන්තොට තවත් නිර්වින්දන විශේෂඥවරියක් නොදන්වා රට හැර යයි

හම්බන්තොට මහ රොහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව ඊයේ (13)දින හදිසියේ විදෙස්ගත වී ඇතැයි වාර්තා වනවා.

ඇය පසුගිය අඟහරුවාදා (12)දින සිට අනිද්දා(16)දින දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිටියදී මෙලෙස විදෙස්ගත වී තිබුණා.

අදාළ වෛද්‍යවරිය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දැන්වීමටයි කටයුතු කර ඇත්තේ.

හම්බන්තොට දිස්ත්‍රීක් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණයි.

හම්බන්තොට රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා 2023 වසරේ අගෝස්තු මස 12 වැනිදා මේ ආකාරයටම විදෙස්ගතව තිබුණා.


ඔහු දින කිහිපයක නිවාඩුවක් ගන්නා බවට දන්වමින් විදෙස්ගතව තිබුණද පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමා විදෙස්ගත වූ බවට රෝහල් බලධාරින්ට දැන්වීමට කටයුතු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25