spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොට තවත් නිර්වින්දන විශේෂඥවරියක් නොදන්වා රට හැර යයි

හම්බන්තොට මහ රොහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව ඊයේ (13)දින හදිසියේ විදෙස්ගත වී ඇතැයි වාර්තා වනවා.

ඇය පසුගිය අඟහරුවාදා (12)දින සිට අනිද්දා(16)දින දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිටියදී මෙලෙස විදෙස්ගත වී තිබුණා.

අදාළ වෛද්‍යවරිය විදෙස්ගත වූ බවට පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් රෝහල් බලධාරින්ට දැන්වීමටයි කටයුතු කර ඇත්තේ.

හම්බන්තොට දිස්ත්‍රීක් මහ රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩි සත්කාර 2ක් ක්‍රියාත්මක වන අතර දැනට රෝහලේ සේවය කිරීමට සිටින්නේ එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු පමණයි.

හම්බන්තොට රෝහලේ සේවය කළ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා 2023 වසරේ අගෝස්තු මස 12 වැනිදා මේ ආකාරයටම විදෙස්ගතව තිබුණා.


ඔහු දින කිහිපයක නිවාඩුවක් ගන්නා බවට දන්වමින් විදෙස්ගතව තිබුණද පසුව වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමා විදෙස්ගත වූ බවට රෝහල් බලධාරින්ට දැන්වීමට කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?