spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසි නීතිය ගැන සැලකිල්ලෙන් – ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊයේ (06) දිනයේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චුන්ග් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ ප්‍රකාශයක් එක්කර තිබෙනවා.

එමඟින් ඇය සඳහන් කරන්නේ මෙරට හදිසි තත්ත්වය ගැන එක්සත් ජනපදය සැලකිලිමත්වන බවයි.

සාමකාමී පුරවැසියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතු අතර ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගවලට රට නැවත සෞභාග්‍ය කරා යන මාවතකට ගෙන ඒම සඳහා දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව එහි වැඩිදුරටත් සඳහන්.

හදිසි නීතිය පැනවීමෙන් එයට උදව්වක් නොවන බව එහි දැක්වෙනවා.

මේ අතර යුරෝපා සංගමය ද හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එම සංගමය පවසන්නේ හදිසි නිතිය පැනවීම රට තුළ පවතින දුෂ්කරතා විසඳීමට හේතුවක් නොවන බවයි.

juli
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?