හංවැල්ල ප්‍රදේශයේ පොලිසියට උපහාර පුවරු

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මියයාම සම්බන්ධයෙන් පොලිසියට උපහාර පුදමින් හංවැල්ල ප්‍රදේශවාසීන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හංවැල්ල හා පහත්ගම ප්‍රදේශ ආවරණය වන පරිදි, ” පාතාල මර්දනයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට උපහාර, දඬුවම ඔයම තමයි….. පාතාලයට වෙන විකල්පයක් නැත, මෙයට ගම්වාසීන් යනුවෙන් සඳහන් බැනර් 30 කට ආසන්න ප්‍රමාණයක් තැන තැන ප්‍රදර්ශනය කර තිබු බවයි.

පසුගිය දෙසැම්බර් මස 18 වැනි දින ආපන ශාලා හිමිකරු ආපන ශාලාව වසා මුදල් කවුන්ටරය අසල රැඳී සිටියදී දුම්වැටි මිල දී ගැනීමේ මුවාවෙන් ආපන ශාලාවට ඇතුළු වූ පුද්ගලයෙකු ආපනශාලා හිමිකරුට වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර පලා ගොස් තිබුණා.

එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ලැබුණු තොරතුරක් මත ඝාතකයා යතුරුපැදියෙන් රැගෙන පැමිණි පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

එම සැකකරු හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ අත්හැර දමා තිබූ නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායම් තුනක් එම නිවස කරා ළඟා වීමේදී නිවසින් පිටතට පැමිණි සැකකරු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කිරීම සමගම පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දීයි සැකකරු බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත්තේ.

මියගිය එම පුද්ගලයා උඩකරවිට පිටදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි මදාර ගොඩගේ රසිඳු විදුරංග ප්‍රනාන්දු නොහොත් කරවිට සීයා නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන වසර 11ක් යුද්ධ හමුදා විශේෂ බළකායේ සේවය කළ පුද්ගලයෙක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18