spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවකයන් ලක්ෂ දෙකකට රැකියා අහිමිවීමේ අවධානමක්

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකගේ රැකියාව අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පවසනවා.

ආයතන රැසක් විදුලි බිල ඉහළ යෑමත් කොවිඩ් පැතිරීමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා වැසීයාමේ තර්ජනයකට මුහුණදී ඇති බවයි ඔවුහු සඳහන් කරන්නේ.

සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ විලා නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.

හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.

ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?