spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේපාල් අමරසිංහ සමස්ත බෞද්ධ ජනතාවගෙන්ම සමාව ගැනීමට සැරසෙයි

දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙහිදී සේපාල් අමරසිංහ, තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ අද (14) සඳහන් කළා.

එමෙන්ම කිසිඳු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයක ප්‍රකාශයක් මින්මතුවට සිදුනොකරන බවට ඔහු එකඟ වන බවත් නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර, එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?