සෙනෙහෙ පියස 32 වැනි නිවහන මැදිරිගිරියේ අඩු ආදායම්ලාභී පවුලකට

“සෙනෙහෙ පියස” ජාතික යොවුන් සේනාංකයේ “සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්ව ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 32 වැනි නිවාසය පරිත්‍යාග කිරීමේ අවස්‍ථාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ මැදිරිගිරියේ දීයි.

තිරසාර සංවර්ධන අභිමතාර්ථ කේන්ද්‍රකොට ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරමින්, තරුණ ශක්තිය ජාතික සංවර්ධනය සඳහා යොමු කරවීමට ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරන ජාතික යොවුන් සේනාංකයේ “සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්ව ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක නිවාස 58ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 32 වැනි නිවාසයයි මෙලෙස ඉදිවුණේ.

මෙම නව නිවාසය ඉදිව ඇත්තේ; මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 91 කවුඩුළුගම ග්‍රාමසේවා වසමට අයත් මැදිරිගිරිය – කවුඩුළුගම, අංක 269/2හි යි.

අදාළ නිවස පරිත්‍යාග කර ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටින හා දියවැඩියාව ඇතුළු රෝගාබාධ රැසකට ගොදුරු ව රැකියාවක නියැලීමට නොහැකි ව දැඩි ආර්ථික අපහසුතාවකට ලක් ව අසරණ ව සිටින ආර්.ඩී.විජේසිංහ හා ජී.ජී.ප්‍රේමවතී යුවල වෙතයි.

ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද ඇතුළුව මුදලින් රුපියල් ලක්ෂ 18කට ආසන්න පිරිවැ‍යකින් හා මැදිරිගිරිය ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ශ්‍රමදායකත්වය යටතේ මෙම නිවස ඉදි කෙරුණා.

මීට අමතර ව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුදුසු ස්වයං රැකියාවන් හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වනු ඇති.

ජාතික යොවුන් සේනාංකයේ මෙවැනි ව්‍යාපෘති හරහා ඉටුවන ජාතික මෙහෙවර හා ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා ගන්නාවූ වෙහෙස හා කැපකිරීම සබැඳි ව සේවා ඇගයීමක් හා ඊට ලබාදෙන ආශිර්වාදයක් ලෙස, මින් ඉදිරියට ඉදිවන සෑම නිවසක් සඳහා ම රු:100,000.00 මුදලක් තම පෞද්ගලික මූල්‍ය පරිත්‍යාග ලෙස ලබාදීමට ද බලාපොරොත්තු වන බව උත්සව සභාව අමතමින් අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා.

WhatsApp Image 2023 10 23 at 12.18.20
WhatsApp Image 2023 10 23 at 12.18.23
WhatsApp Image 2023 10 23 at 12.18.24
WhatsApp Image 2023 10 23 at 12.18.25


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18