සුපිරි බොලිවුඩ් නිළි කත්‍රිනාගේ විවාහයේ ආරාධිතයින් ලැයිස්තුව එළියට

සුපිරි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ් හා සිනමා නළු විකී කෞශාල්ගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මේ වනවිට සියල්ල සංවිධානය වෙමින් පවතියි.

පසුගියදා මෙම විවාහ මංගල්‍යයට සහභාගි වෙන ආරාධිතයින්ගේ ලැයිස්තුව හොර රහසේ නිකුත් වි තිබුණී.

ෂාරුක් ඛාන්, අමිර් ඛාන් මෙන්ම ඉන්දිය අගමැති මෝදිද ඒ ආරාධිතයින් අතර සිටියද කත්‍රිනාව තරුවක් බවට පත් කරන්නට දායකත්වය දුන් සුපිරි නළු සල්මාන් ඛාන්ගේ නම මෙම ලැයිස්තුවේ නොමැති බව සඳහන් වෙයි.

බොහෝ දෙනෙකු පවසන්නේ කත්‍රිනා, සල්මාන්ට ආරාධනා කළද ඔහු විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙන බවය.