සුපිරි පන්දුවාරයේ දී ජය ලැබූ බංග්ලාදේශය නැගීඑන ආසියානු කුසලානයේ අවසන් තරගයට

නැගීඑන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (21) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාරය තුළ කඩුලු හයක් දැවී ලකුණු 194ක් ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196ක්.

ඒ, අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීමට සුපිරි සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුට සිදු වුණා.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ලකුණු කිසිවක් රැස් කිරීමට හැකියාව නොලැබී ගියේ නියමිත කඩුලු දෙක දැවීයාමත් සමඟයි.

ඒ, අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි පන්දුවාරය තුළ එක් ලකුණක ඉලක්කය හිමි වූ අතර, එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කර ගනිමින් ඔවුන් තරගය ජයගත්තා.

මෙම ජයත් සමඟ 2025 නැගීඑන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුකම් ලබා ගත්තා.

මේ අතර මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (21) රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05