spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුදේව ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි එම තනතුරෙන් සහ ආයතනයෙන් ඉවත්කර ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සුදේව හෙට්ටිආරච්චි සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බවයි.

2020 වසරේ අප්‍රේල් මාසයේ දී ඔහු ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වුණා.

පසුව සුදේව හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ සුදේව හෙට්ටිආරච්චි යළි ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ පූර්ණකාලීනව රාජකාරී කටයුතු සිදුකරගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?