සීදූවේ හිමිනමගේ ඝාතනයේ සුළමුල හෙළිවේ

සීදූව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති හිමි හුස්ම හිර කර ඝාතනය කර ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ඝාතනය කළ චීවරධාරියාගේ ඩුබායිහි සිටින පෙම්වතිය, මෙරට සිටින ඇගේ මව සහ මවගේ අනියම් සැමියා ඝාතනය සැළසුම් කර ඇති බවටයි හෙළිවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමත් සමඟ විහාරස්ථානයේ සිටි 18 හැවිරිදි ගෝල හිමිනම අතුරුදන්ව සිටියේදි එම චීවරධාරියා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපලේදි.

වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදගමුවේ මහානාම හිමිගේ සිරුර පසුගිය 14 වන දා සොයාගනු ලැබුවා.