සිසුවෙක් අපයෝජනය කළ විදුහල්පතිට සිර දඬුවම්

පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයෙකුට වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මන්නාරම මහේස්ත්‍රාත් එම්.එම්.මිහාල් මහතායි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

2014 වසරේ සැප්තැම්බර් 23 වැනිදා එවක වයස අවුරුදු 10ක් වූ සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයෙකුට මෙලෙස සිර දඬුවම් ලබාදී තිබෙනවා.

අපයෝජනයට ලක්වු සිසුවාට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසත්, අදාළ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස හයකින් සිර දඬුවම දීර්ඝ කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අදාළ දඬුවම්වලට අමතරව තවත් රුපියල් 25000ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසත්, දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයකින් සිර දඩුවම් දීර්ඝ කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිසුවාගේ දෙමව්පියන් සිදු කළ පැමිණිල්ලක් මත අදාළ නඩු විභාගය කැඳවා තිබු අතර, මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයෙකුට මෙලෙස දඬුවම් නියමවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50