spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිසුවෙක් අපයෝජනය කළ විදුහල්පතිට සිර දඬුවම්

පාසල් සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයෙකුට වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මන්නාරම මහේස්ත්‍රාත් එම්.එම්.මිහාල් මහතායි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

2014 වසරේ සැප්තැම්බර් 23 වැනිදා එවක වයස අවුරුදු 10ක් වූ සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පතිවරයෙකුට මෙලෙස සිර දඬුවම් ලබාදී තිබෙනවා.

අපයෝජනයට ලක්වු සිසුවාට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසත්, අදාළ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස හයකින් සිර දඬුවම දීර්ඝ කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අදාළ දඬුවම්වලට අමතරව තවත් රුපියල් 25000ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙසත්, දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයකින් සිර දඩුවම් දීර්ඝ කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සිසුවාගේ දෙමව්පියන් සිදු කළ පැමිණිල්ලක් මත අදාළ නඩු විභාගය කැඳවා තිබු අතර, මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයෙකුට මෙලෙස දඬුවම් නියමවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?