සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීමේ සූදානමක්

සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මඟින් රටට වැඩදායී සේවයක් ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී දීර්ඝ වශයෙන් සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් සාකච්ඡාවීම සිදු වූ අතර, අලි මිනිස් ගැටුම සමනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගෙන් ඉහළ සහයක් ලැබෙන බව ද පැමිණ සිටි මන්ත්‍රීවරු සඳහන්කර සිටියා.

එසේම මෙම නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳව ද මෙම කමිටුවේ දී සාකච්ඡා වුණා.

එමෙන්ම කැලෑ ගිනිතැබීම් විශාල වශයෙන් පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ බවත්, ඒවා නැවැත්වීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42