spot_imgspot_img

සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීමේ සූදානමක්

සිවිල් ආරක්ෂක බලකාය නව්‍යකරණය කිරීම මඟින් රටට වැඩදායී සේවයක් ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී දීර්ඝ වශයෙන් සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් සාකච්ඡාවීම සිදු වූ අතර, අලි මිනිස් ගැටුම සමනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගෙන් ඉහළ සහයක් ලැබෙන බව ද පැමිණ සිටි මන්ත්‍රීවරු සඳහන්කර සිටියා.

එසේම මෙම නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදීම පිළිබඳව ද මෙම කමිටුවේ දී සාකච්ඡා වුණා.

එමෙන්ම කැලෑ ගිනිතැබීම් විශාල වශයෙන් පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ බවත්, ඒවා නැවැත්වීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?