සිව්මස් ගැබිණියට සහ ඇගේ සැමියාට පහර දුන් පිය පුතු දෙපල රක්ෂිත බන්ධනාගාරයට

සිව්මස් ගැබිණියක සහ ඇගේ සැමියාට පහර දුන් පිය පුතු දෙපළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර ඊයේ (19) නියෝග කළා.

පසුගිය 17 වනදා ගනේමුල්ල, පරගහලන්ද ජනපදය ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් සැකකරුවන් තිදෙනා විසින් ගැබිණි කාන්තාවගේ සැමියාට පහර දී ඇති අතර, තම සැමියාට පහරදෙන අවස්ථාවේ දී එය වැළක්වීමට ගිය ගැබිණි බිරිඳට ද ඔවුන් විසින් පරහ දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරකෑමට ලක්වීමෙන් අනතුරුව 31 හැවිරිදි සිව්මස් ගැබිණිය ප්‍රතිකාර සඳහා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තිදෙනා ගනේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

ගනේමුල්ල, අමුණුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ නිව්ටන් පෙරේරා, විතානගේ රොෂාන් ප්‍රියදර්ශන යන පිය පුතු දෙපළ සහ බලගල, නාරංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිත්තගාල්ල ගමගේ විකුම් සන්දීප යන පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04