Fly high Get bonus Aviator Phone

සිව්මස් ගැබිණියට සහ ඇගේ සැමියාට පහර දුන් පිය පුතු දෙපල රක්ෂිත බන්ධනාගාරයට

සිව්මස් ගැබිණියක සහ ඇගේ සැමියාට පහර දුන් පිය පුතු දෙපළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර ඊයේ (19) නියෝග කළා.

පසුගිය 17 වනදා ගනේමුල්ල, පරගහලන්ද ජනපදය ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් සැකකරුවන් තිදෙනා විසින් ගැබිණි කාන්තාවගේ සැමියාට පහර දී ඇති අතර, තම සැමියාට පහරදෙන අවස්ථාවේ දී එය වැළක්වීමට ගිය ගැබිණි බිරිඳට ද ඔවුන් විසින් පරහ දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පහරකෑමට ලක්වීමෙන් අනතුරුව 31 හැවිරිදි සිව්මස් ගැබිණිය ප්‍රතිකාර සඳහා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තිදෙනා ගනේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

ගනේමුල්ල, අමුණුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන විතානගේ නිව්ටන් පෙරේරා, විතානගේ රොෂාන් ප්‍රියදර්ශන යන පිය පුතු දෙපළ සහ බලගල, නාරංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිත්තගාල්ල ගමගේ විකුම් සන්දීප යන පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?