සිලින්ඩර් , බූලි උස්සගෙන ස.ජ.බ කොළබට

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සපයන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවය අද පස්වරු 02 ට කොළඹදී ආරම්භවීමට නියමිතව තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී මෙම විරෝධතා රැළි ආරම්භවීමට නියමිත බවය.

“රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ’’ යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය.