සිම්බාබ්වේ ජනාධිපති ධුරය යළිත් වත්මන් ජනාධිපතිවරයාට

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා (Emmerson Mnangagwa) 52.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ බව එරට මැතිවරණ කොමිසම පවසනවා.

ඡන්ද මංකොල්ලකෑම් සිදුවී ඇති බවට විපක්ෂය චෝදනා කරන අතර ජාත්‍යන්තර නිරීක්ෂකයින් පැවසුවේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූල නොවූ බවයි.

සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) පැවසුවේ ම්නන්ගග්වා මහතාගේ ප්‍රධාන අභියෝගකරු වූ වෙනසක් සඳහා පුරවැසි සන්ධානයේ (CCC) අපේක්ෂක නෙල්සන් චාමිසා 44%ක ප්‍රතිශතයක් ඡන්ද ලබා ගත් බවයි.

ම්නන්ගග්වා මහතා ඡන්ද මිලියන 2.3 කට වඩා ලබා ගත් අතර, චමිසා මහතා මිලියන 1.9 ක් ලබා ගත් බව සඳහන්. මිලියන 16කට ආසන්න ජනතාවක් ජිවත්වන රටේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 69% ක් බවයි මැතිවරණ මණ්ඩලය පවසන්නේ.

ඡන්දය දූෂණය වූ බවට විපක්ෂය ප්‍රකාශ කරන නමුත් ව්‍යවස්ථාපිත අධිකරණය ප්‍රතිඵලය තහවුරු කර තිබෙනවා.

ම්නන්ගග්වා මහතා සිම්බාබ්වේ හි දෙවැනි ජනාධිපතිවරයා යි. හිටපු පාලක රොබට් මුගාබේට එරෙහිව 2017 වසරේ පැවති කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්වුණා.

සිම්බාබ්වේ වැසියන් තවමත් ඉහළ උද්ධමනයකට, දරිද්‍රතාවයකට සහ ගැටුම්කාරී වාතාවරණයකට මුහුණ දී සිටිනවා.

“කිඹුලා” ලෙසින් හැඳින්වෙන ම්නන්ගග්වා ප්‍රථම වරට ජනාධිපති වූ අවස්ථාවේ තම රටේ ජනතාවට නව ආරම්භයක් ලබාදීමට පොරොන්දු වී තිබුණා.

නමුත් සිම්බාබ්වේ රාජ්‍ය පසුගිය මාසයේ ලෝකයේ ඉහළම උද්ධමන අනුපාත ඇති රටවල්වලින් වලින් එකක් ලෙසටයි වාර්තා වූයේ.

ජූලි මාසයේ භාණ්ඩ මිල ගණන් පෙර වසරට වඩා 101.3% කින් ඉහළ ගොස් තිබෙනවා. විරැකියාව ද බහුලව පවතින අතර, විධිමත් රැකියා කරනු ලබන්නේ සිම්බාබ්වේ වැසියන්ගෙන් 25%ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07
Video thumbnail
නවතා තිබූ කැබ් රථයක් සෙට් එකක් ඇවිත් උස්සපු හැටි - ආවා කැබ් එක ගත්තා - ගියා
02:35
Video thumbnail
කණ්ඩායම් තුනේම උප නායක කමිදු මෙන්ඩිස් මාධ්‍යයට කිව්ව දේ - දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා
06:30
Video thumbnail
රංගගේ වැඩ තහනම් කරන්න - රංගට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
04:32