සැමියා මරන්න සැලසුම් කළ බිරිඳ, අනියම් සැමියා සහ දෙදෙනෙක් අල්ලයි

සිය හොඳම මිතුරාගේ බිරිඳ සමඟ පැවති අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට මිතුරාගේ ගෙළ කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් ආණමඩුව පොලිසිය විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව, නෑබඩවැව ප්‍රදේශයේ පදිංචි සැකකරු සමඟ අපරාධය සඳහා සහාය වූ තවත් පුද්ගලයින් දෙදෙනක් සහ ඔහු අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාව ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනාට සැකකරු විසින් ඝාතනය සඳහා රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයින් දෙදෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතන සැලැස්මට හසු වූ පුද්ගලයා ගොවිතැන් කටයුතුවල නිරතවන තැනැත්තෙක් වන අතර, ඔහු වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී තිබෙනවා.

මෙම විවාහය අදාළ කාන්තාවගේ දෙවන විවාහය වන අතර, දෙවන විවාහයේ සැමියාගේ හොඳම මිතුරා සමඟ පසුව මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කලක සිට පවත්වාගෙන ආ මෙම අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් අදාළ කාන්තාව සහ ඇය අනියම් සම්බන්ධතාව පවතවාගෙන ආ පුද්ගලයා එක්ව සැමියා ඝාතනය කිරීමට සැලසුමක් සකස්කර තිබෙනවා.

ඒ, අනුව මෙම කාන්තාව දරුවන් සමඟ වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටිය දී අනියම් සැමියා විසින් පෙර සැලසුම් කළ පරිදි මිතුරා ඝාතනය කිරීමට මීගමුව ප්‍රදේශයේ අපරාධකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී සහායට කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයින් තිදෙනා පෙරදින රාත්‍රියේ අදාළ පුද්ගලයා නිදා සිටින නිවසට හොර රහසේ ඇතුළු වී එම පුද්ගලයා නිදා සිටි ඇඳ අසලට ගොස් ඔහුගේ ගෙළට කඩුවකින් පහරදීමට උත්සාහ දරා ඇති අතර, එලෙස එල්ල කළ කඩු පහර වැරදී ගොස් කුලියට ගෙන්වා ගත් එක් අපරාධකරුවෙකුගේ අතේ වැදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම අපරාධකරුගේ දකුණු අතේ ඇඟිලි සියල්ලම කැපී ගොස් ඇති අතර, දෙවනුව එල්ල කළ කඩු පහර නිදා සිටි පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට වැදී ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

ගෙළට එල්ල වූ කඩු පහරින් වේදනාවෙන් එම පුද්ගලයාගේ කෑ ගැසීමත් සමඟ අසල්වාසීන් විසින් අදාළ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී සැකරුවන් තිදෙනා පලාගොස් ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතුකර තිබෙනවා.

මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කළ අතර, එහිදී වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සම්බධයෙන් තොරතරු අනාවරණය වී ඇති අතර,ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අපරාධය සිදුකිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ගෙළ කපා දැමීමට යොදාගත් කඩුව පාලියාම – නෑබඩ වැවට විසිකර තිබිය දී පොලිසිය විසින් සොගත් බවටයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40