සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක හටගත් ගිනන්කින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

සාමාජ ශාලාව තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව අදා‍ළ ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ ගැටුමේදී තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබේ.

මහල් දෙකකින් සමන්විත අදාළ රාත්‍රි සමාජ ශාලාවේ පහත මාලයේ එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයින් විසින් අදාළ ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්ය.

පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී ඉහළ මාලයේ කාමරයක් තුළ තිබී මියගිය පුද්ගලයින් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?