මුදල් අයකරමින් සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් තරුණ කාන්තාවක් හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (26) නියෝග කළා.
සැකකාර කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක්.
අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ගිණුමට මුදල් තැන්පත් කරන පුද්ගලයන්ට ඇය සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, ඒ සඳහා ඇය විනාඩියකට රුපියල් 1000ක් බැගින් අයකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එලෙස වෙන්කර ගන්නා කාලයන් අනුව රුපියල් 2000, 5000,10,000 වශයෙන් ඇය මුදල් ලබාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවල දී කරුණු අනාවරණය කරගත් බව එම විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකාර කාන්තාවගේ සැමියා බවට හඳුන්වන පුද්ගලයකු ඇයගේ මෙම ක්‍රියාව සඳහා අවශ්‍ය සහාය ලබා දී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
මෙම කාන්තාව කාලයක සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවත්, මෙවැනි ආකාරයේ ක්‍රියාවන්හි නිරතවන කාන්තාවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට අද දන්වා සිටියා.
සැකකාර කාන්තාව කුඩා දරුවෙකු ද අතැතිව අධිකරණයේ පෙනී සිටි අතර, ඇය කිසිඳු නීතිඥවරයෙකුගේ සහාය ලබාගෙන නොතිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.














Very good
අද රටේ ලිංගික අසහණයෙන් පෙලෙන පිරිස ගොඩක් වැඩී…ඒකෙන් උපරිම ප්‍ර්‍යෝජනය ගන්න මැවැනි කාන්තාවන් තමාගේ එදිනෙදා ජීවන වියදම හොයාගන්න අර මුලින් මා සදහන් කල පිරිස් යොදාගන්නව…..මම නම් හිතන්නෙ ඒවට යන අය වඩාත් පරිස්සම් විය යුතුයි..තමන් දුක් මහන්සියෙන් උපයන මුදල් මැවැනි දේවල් වලට යොමුනොකර ඉන්න …
පොලිසියට උනත් අද රටේ මේ හැමදෙයක් ම හොය හොයා ඉන්න වෙලාවක් නැහැ …මොකද අද අපේ රටේ ඉන්න 65 % අයතා ලෙස මුදල් උපයන අයනිසා
NEETHIYE HATIYATA MEKA WERADHI NAM EKA WERADHIYI. NAMUTH ME GU PANDUWA SAHA MAHA MADYA SAHA SULU PARIMANA BUSINESS KARAYO, PCPC, CEB, SLT,NWB WANI UN MADYAMA PANTHIKAYA TA KISIMA HITHAK PAPUWAK ANUKAMPAWAK NATHIWA HURA GENA MARAGENA KANA WIDHIHATA EYI AYATH DAWASE WIYADAMA HOYA GANNA ONA NEDHA. MONA THARAM IGENA GENA THIBUNATH ADA JOB KARALA HOYANA MUDHALIN JEEWATH WENNA BAHE. ITHIN GE GENU KENA EYATA MA AYITHI EYAGE NIRUWATHA SALE KALA EKA WERADHI UNATH EYA WENA MONAWA KARANNA DHA. EYA BALA WAYASKARA GENU DARUWO HO WENA GENU MINISSU DALA HO GANIKAWO DALA MEKA KALANAM ONNA BSINESS. NAMUTH MEKA APE GARU USAWIYA ANUWA WERADHI DEYAK KIYALA THEENDUWA DENA THURU EYA WERADHI NAHE NESHA.
Niyamaai
මේවාට නීතී තීබේනවාද මෝන නීතීය යටතේ මෙතන වරදක් වී ඇතිද
මේතන තියෙන වරද කුමක්ද මුදල් ලබා ගත් එකද මේ වගේ දේවල් ඕනෑ තරම් තිබේ ලෝකයේ