සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් සිදු වූ පාඩුව

ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

ඊයේ (06) දිනයේදී ලොව පුරා ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වුණා.

ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු මෙටා සමාගමේ කොටස් මිලද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි සඳහන්.