spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාජ ආරක්ෂණ බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව එම පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් නීති කෙටුම්පත් සම්පාදන වෙත උපදෙස් දීමටත් මෙම අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද සඳහන් කළේ.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන බදු අය කළ හැකි පුද්ගලයින් මත 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබුවා .

මේ අතර 2023 වසරේ අයවැය යෝජනා මඟින් විශේෂ විධිවිධාන පනත යටතේ නිෂ්පාදන බද්දට අයත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිතය සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

01 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?