සඳට ගිය දෙවැනියා වයස 93දී යළිත් විවාහ වෙයි

අමෙරිකාවේ හිටපු ගගනගාමියෙකු වන Buzz Aldrin සිව්වන වරටත් විවාහ වී තිබෙනවා.

ඒ ඔහුගේ 93 වන උපන්දිනයේදීයි.

වසර ගණනක් පුරා සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟයි ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ.

රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ආචාර්ය ෆෝර්, ඕල්ඩ්‍රින් මහතාගේ සමාගම වන Buzz Aldrin Ventures හි විධායක උප සභාපතිවරයා යි.

ඕල්ඩ්‍රින් මහතා 1969 වසරේ දී සිදුවූ ඇපලෝ 11 අභ්‍යවකාශ ගමනේ නියමුවන්ගෙන් අයෙක්.

එමෙන්ම ‘බස්’ ඕල්ඩ්‍රීන් මෙහෙයුමේ අණදෙන නිලධාරි නීල් ආම්ස්ට්‍රෝංගෙන් පසු සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් ද කෙනෙක් වනවා.

නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් ඇපලෝ 11 මෙහෙයුමේ දී සඳ මත ඇවිද ගිය පළමු පුද්ගලයින් බවට පත් වීම 1969 දී මිලියන 600ක පමණ ජනතාවක් නරඹා තිබෙනවා.

එය එවකට ඉතිහාසයේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවධානයට ලක්වූ වැඩසටහනක් වුණා.

නීල් ආම්ස්ට්‍රෝං, පළමු මිනිසා වෙමින් සඳට පය තබා මිනිත්තු 19 කට පසුවයි එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ.

ඇපලෝ 11 මෙහයුමට සම්බන්ධ වී ජීවතුන් අතර සිටින එකම තැනැත්තා Buzz Aldrin පමණයි.

සුප්‍රසිද්ධ සඳ තරඟයේ ගමනට පෙර, කොරියානු යුද්ධයේදී ඕල්ඩ්‍රින් මහතා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා ගුවන් නියමුවෙකු ලෙසට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01