spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළට

ලංකා සතොස ආයතන විසින් ඊයේ (21) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.

එළෙඹෙන උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 09ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි එම ආයතනය සඳහන් කළේ.

ඒ, අනුව ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 100කින් ද, රතු කව්පි කිලෝ ග්‍රෑමයක් රුපියල් 52කින් සහ සුදු කව්පි කිලෝ ග්‍රෑමයක් රුපියල් 50කින් අඩුකර තිබෙනවා.

ඊට අමතරව බාස්මති සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර, රතු ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ද, සුදු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 05කින් අඩු කර ඇති බව සඳහන්.

දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 05කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 05කින් සහ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 02කින් අඩුකර තිබෙනවා.

1 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
42
+1
3
+1
7
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?