සතුටුම ජනතාව ඉන්න ෆින්ලන්තයට යන හැටි

ගොඩ දෙනෙක්ට හිතා ගන්න බැරි වුන දෙයක් තමයි ලංකාව ලෝකයේ සතුටින්ම ඉන්න ජනතාව ඉන්න රටවල් දර්ශකයේ ස්ථාන කිහිපයක් ඉදිරියට ආවා කියන කාරණාව.සමහර අය නම් කිව්වේ මුහුනුපොතේ තියන රියැට් වලින් ද දන්නේ නෑ මේක තෝරලා තියෙන්නේ කියන එක.

ඇත්තටම මේකට කාරනා ගොඩක් සලකා බැලෙනවා.මේ දර්ශකයේ අපි ඉන්නේ 116වන ස්ථානයේ.මීට පෙර අපි හිටියේ 120වන ස්ථානයේ.
මේ දර්ශකයේ පලවෙනි ස්ථානයේ තවමත් රැදී ඉන්නේ ෆින්ලන්තයි.

ෆින්ලන්තය ගැන කතා කරද්දි ෆින්ලන්තයේ යටිතල පහසුකම් ,අධ්‍යාපනය , ගමනාගමන පහසුව ආදී කාරනා රැසක් ගැන අපිට පුදුම හිතෙන දේවල් දැනගන්න පුලුවන්.අපි ඒ ගැන පසුවට කතා කරමු.අද අපි කතා කරන්න යන්නේ ඔයා කොහොමද ෆින්ලන්තයේ පදිංචියට යන්නේ කියන එක ගැනයි.

ගොඩක් දෙනෙක් හොයපු ප්‍රශ්නයක් තමයි ෆින්ලන්තයට වලට එන මාර්ග මොනවද වැඩ කරන්න ,නැත්නම් රැකියාවකට එන්න පුලුවන්ද කියන එක. ඉතින් මේ ලිපිය ඒ ගැන.ෆින්ලන්තයට රැකියා වීසා ගන්න අමාරුයි මොකද මෙහෙ මව් භාෂාව එක ඉංග්‍රීසී නොවන නිසා.

රැකියා වීසා එන්න පුලුවන් ඔයාට පී.එච්.ඩී එකක් වගේ තියනව නම් පබ්ලිකේශන් සහ විශ්ව විද්‍යාලයක ඉගැන්වීම ඉතිහාසයක් තියනවා නම් ඒකත් එක්ක එන්න පුලුවන්.නමුත් ඒක පොඩ්ඩක් අමාරු ප්‍රායෝගිකව අමාරු කාරණාවක්.ලේසිම ක්‍රමය ශිෂ්‍යයෙක් විදිහට එන එක.

ස්ටුඩන්ට් වීසා එද්දී මාස්ටර් , බැචුලර් සහ පී.එච්.ඩී 3ටම අයදුම් කරන්න පුලුවන්. බැචුලර් වලදි අවම සුදුසුකම උසස්පෙල සමත් වෙලා තියෙන්න ඕනි.ඒ වගේම ඉංග්‍රීසී භාෂාව. බොහෝ විශ්ව විද්‍යාල භාෂා ප්‍රවීණතාවය ඉල්ලනවා .ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාල ඇතුලත් වීමේ පරීක්ශනයක් තියලා තමයි ගන්නේ.

දැන් ඒ වෙනුවට ඔන්ලයින් ඩිප්ලෝමාත් හදුන්වලා දීලා තියනවා.නමුත් ඒක ඉල්ලුම් කරන්න පුලුවන් සමහර නියෝජිත්යන් හරහා විතරයි. ඒකට විශ්ව විද්‍යාලයෙන් වෙනම වගකීම් ලිපියක් ලැබෙනවා.

මාස්ටර්ස් වලට සාපේක්ෂව බැචුලර් වල පලවෙනි අවුරුද්දෙම දෙන ශිෂ්‍යත්ව එහෙම අඩුයි නමුත් නැතුවත් නෙමෙයි.මාස්ටර්ස් වලදි බැචුලර් එකේ හොද ජී.පී.ඒ එකක් තියෙන්න ඕනෙ. අවම වශයෙන් 3ක් වත් තියනවා නම් තමයි හොද. නමුත් මේක විශ්වවිද්‍යාලය එක්ක වෙනස් වෙනවා.

ඒත් ඔයා ශිෂ්‍යත්වයක් හොයන්න උත්සාහ කරනවා නම් ඒක තනිකරම ඔයාගෙ ඉගනගැනීමේ ඉතිහාසය එක්ක සහ තවත් සාදක මත රඳා පවතිනවා.වයස , ලකුනු වගේ දේවල් ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා.

ඔයා පී.එච්.ඩී එකක් නම් කරන්න යන්නේ ඔයාගෙ මාස්ටර්ස් එකේ විස්තර සහ පලකිරීම් තමයි මූලිකව බලන්නේ බලන්නේ.ශිෂ්‍ය වීසා මගින් යන්න හිතනවා නම් මේ කරුණු ඔයාට වැදගත් වේවී කියලා හිතනවා.


මේ සබැඳියෙන් ෆින්ලන්ඩ රජයේ වෙබ් අඩවිය හරහා තවත් තොරතුරු ලබා ගන්න පුලුවන්

https://migri.fi/en/home



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26