spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සක්විති රණසිංහට ඇප

ඊයේ අධිකරණය විසින් නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු  සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද නියෝග කළේ ය.නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මාර්ගයෙන් එම විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනි සිටියහ.

2010 අගෝස්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වත්තලදී එලුවේලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට සක්විති රණසිංහට වසර 05 කට අත්හිටවූ සිර දඬුවම් ඊයේ නියම කරනු ලැබී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?