සංවිධායකයින්ගේ ආසාධාරණ තීන්දුවකින් ශ්‍රී ලංකාව දෙවන තැනට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමින්. ඒ අනුව මෙම  තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායමට මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් අතර රායිපූර්හිදි අද පැවැත්වීමට නියමිතයි.

දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ දක්වා ඉදිරියෙන් සිටියද තරග සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සදහා අවසන් මොහොතේ පක්ෂපාති තින්දුවක් ගැනීම පිළිබද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. තරග සංවිධායකයින් ගත් මෙම ආසාධාරණ තීන්දුව හේතුවෙන් 
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දළ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටියද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 2 වන ස්ථානයයි. ඒ අනුව 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09