spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරකයින්ගේ ආරක්ෂාවට නව ජංගම යෙදවුමක් (App)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (30) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳ පැහැදිලිකරමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?