spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබන වසරේදී ජපානයේ සාත්තු සේවක රැකියා දහසක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ ජී.ටී.එන් (Global Trust Network) ආයතනය සහතික වී තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජී.ටී.එන් ආයතනය ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් සමඟ සිදුකළ සකච්ඡාවේදී මෙම එකඟතාවය පළකර ඇති බව සඳහන්.

එමෙන්ම මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමට ද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමටද මෙම සාකඡාවේදී එකඟවී තිබෙනවා.

ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන ජී.ටී.එන් – (Global Trust Network) ආයතනය මේ වන විට විදේශීය ශ්‍රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට ජපානය තුළ රැකියා අවස්ථා දී ඇති ආයතනයක්.

එවැනි ආයතනයක් සමඟ සම්බන්ධවෙමින් ලංකාවේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා විවෘත කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.

මෙම ආයතනය සමග දීර්ඝ කාලීන අවබෝධතාවයක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ෂිකව ලබාදෙන රැකියා කෝටාව වැඩි කරගැනීමටත් කටයුතු කරන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?