ශ්‍රී ලංකා විදේශ ඇමති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ලබන 15 වනදා පැවැත්වෙන 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී වීමට නියමිතව තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේ දීයි මෙම රැස්වීම පැවැත්වෙන්නේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් එක්සත් කිරීමේ සාරධර්ම සහ අභිලාෂයන් ගෙනහැර දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය අත්සන් කිරීමේ 10 වැනි සංවත්සරය සනිටුහන් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට විදේශ අමාත්‍ය සබ්රි සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

“සාමය සඳහා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ධජය” වැඩසටහනට සාමාජික රාජ්‍යයන් ද සහය දක්වන අතර තුන්වන චාල්ස් රජු විසින් පැමිණෙන විදේශ අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

සාමකාමී සහ තිරසාර සමාජ සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය, පාරිසරික තිරසාරභාවය සඳහා දේශගුණික මූල්‍යකරණය සහ ආර්ථික ප්‍රකෘතිය, ආහාර සහ බලශක්තිය සඳහා අභ්‍යන්තර පොදුරාජ්‍ය මණ්ඩලීය වෙළඳාම සහ ඩිජිටල් සම්බන්ධතාවය උත්තේජනය කිරීම වැනි හවුල් අභියෝග සඳහා ඒකාබද්ධ ප්‍රතිචාර සාකච්ඡා කිරීමට මෙම වසරේ CFAMM විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කරනු ඇති.

මෙම සමුළුවට සමගාමීව, විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු (FCDO) පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ද හමු වීමට සැලසුම් කර තිබෙනවා.

ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්, ඉන්දු – පැසිෆික් FCDO පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Ann Marie Trevelyan සහ ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ වෙළඳ නියෝජිත Abersoch හි මර්වින් ඩේවිස් සාමිවරයා හමුවීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56