ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) යළිත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ, අනුව අද (10) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.66ක් ලෙස සටහන්ව තිබූ අතර, එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 335.39ක් ලෙසයි.
මේ අතර ඊයේ (09) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් ලෙස දැක්වුණා.













