ලංකාවේ ප්රථම කෘත්රිම වෙරළ තීරය (15) විවෘත කෙරුණා.
ඒ කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්රයයි. මෙම වෙරළ තීරය කිලෝමීටර් 3.5ක වපසරියක විහිදෙනවා. මෙම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
මෙම කෘත්රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්රීඩා කිරීමට, විනෝදවීමට හැකියාව තිබෙනවා.
මෙම වෙරළ තීරයට අමතරව දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්රයක්ද ඉදිකර ඇති අතර මෙය ශ්රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒමට ඉවහල් වනු ඇති.
