ශ්‍රී ලංකාවට ජපානයෙන් දැවැන්ත ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාර ආධාර ලබාදීමට ජපානය තීරණය කර ඇති බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ සියලුම රජයේ රෝහල්, ගිලන් රථ සහ වෛද්‍ය උපකරණ ප්‍රවාහන වාහන සඳහා ඉන්ධන සැපයීම සඳහා මෙම ආධාර පිරිනැමෙන බවයි ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

2022 වසර සඳහා ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ප්‍රදානය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වන අතර එය ඉතිහාසයේ ඉහළම ප්‍රදානය වන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කරගෙන ඇතැයි සඳහන්.

මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48