ශ්‍රී පාද වන්දනා සමය ආරම්හ කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීමේ දී වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදීම සම්බන්ධව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ පැවැත් වුණා.

නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ දී මෙම සකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති නා හ්මියම් පැවසුවේ ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවන බවත්, සම්පත්වලින් බහුල මෙම රට දුප්පත් නම් රටවැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ද යන්නයි.

රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස රට කඩා වැටීමක් සිදුව නොමැති බව ද උන්වහන්සේ මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්,

“රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි. රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕන. ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය අයිති මේ රටේ ජනතාවට, ශ්‍රී පාද වන්දනාවේ සෑම ජාතියකටම අයත් වන්දනාකරුවන් පැමිණෙනවා. ඒ අයටයි ශ්‍රී පාද මාර්ගය අයිති. එම මාර්ගය යුධ හමුදා සහ නාවික හමුදාව සමඟ එක්වෙලා විශාල මුදලක් වැය කරලා මමයි සංවර්ධනය කළේ. එම මාර්ගයේ අවාරයේ ගමන් කරන අයගෙන් මුදල් අය කරන්න වනජීවියට අයිතියක් නැ. ශ්‍රී පාද මාර්ගයෙන් පිට රක්ෂිතයට ඇතුල්වන අයගෙන් මුදල් අය කළාට කමක් නැ. අපේ රටේ ඕන තරම් ගැසට් ගහලා තියෙනවා. ඒවා ආපසු හරවපු අවස්ථා ඕන තරම් තියෙනවා.ඒ අනුව වනජීවියට කියන්නේ ඔය ගහපු ගැසට් එකත් ආපහු හරවන්න කියලා.”

2023-2024 ශ්‍රී පාද වන්දනා වාරය ලබන මස 26 වනදාට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, ඒ අනුව පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ ලබන මස 25 වන දින ඉපැරණි චාරිත්‍ර අනුව මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීම සිදු කෙරෙනවා.

ඒ, අනුව ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයේ දී වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සලසන ලෙසයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.

මෙම සාකච්ඡාවට සහභාගී වූ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන සහ ආපසු ගමන් කරන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයෙන්ම නල්ලතන්නිය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, එම
ප්‍රවේශපත්‍ර භාවිත කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස්රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවයි.

වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වූ හැටන් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22