spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ (වීඩියෝ)

මහනුවර ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ (25) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

අවසන් කුඹල් පෙරහැර ඊයේ පස්වරු 07.02ට යෙදුනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා.

පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදීම සිදු කෙරුණා.

අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මවීම සඳහා භාග්‍යය ලැබුණේ කතරගම වාසනා හස්තියාටයි.

මේ අතර දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අද (26) පස්වරු 07.10ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?