වෙඩි තියන්න ඕඩර් එක දුන්නු SSP කවුද..? මොකක්ද නම..? කවුද පිටිපස්සේ ඉන්නේ..? – වහාම කියන්න මේවා – පාර්ලිමේන්තුව උණුසුම් කළ විපක්ෂ නායකගේ කතාව

ප්‍රසන්න රණතුංග පොලිස් ඇමතිවරයාගේ කතාවට පිළිතුරු කතාව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස ප්‍රකාශ කළා..

මම අහන්න කැමතියි වෙඩි තියන එක අවම බලයද..? මිනී මරණ එක අවම බලයද..? මම අහන්න කැමතියි. මම දන්නවා මේවා අහගෙන ඉන්න බැරි නරි ටිකක් ඉන්නවා. නරි කෑ ගැහුවට මම බයවෙන්නේ නෑ..

ගරු කථානායකතුමනි මම කියන්න කැමතියි මේ මිලේජ්ජ ආණ්ඩුව, මිනී මරණ ආණ්ඩුව රටේ ජනතාව මර්ධනය කරනවා. මිනී මරණ එක අවම බලයද..? ටී56 උණ්ඩ භාවිත කරන එක අවම බලයද..? කවුද වෙඩි තියන්න ඕඩර් එක දුන්නු එස්.එස්.පී කවදු..? මොකක්ද නම..? මේවා ගැන කරුණාකරලා හෙළිදරව් කරන්න..

මම කියන්න කැමතියි ජන පීඩක ආණ්ඩුව ජන ඝාතක ආණ්ඩුවක් වෙලා. අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩ ඇල්ලුවේ.. මිනී මරලද වැඩ පටන් ගත්තේ..?
මේ ආණ්ඩුව දන්නේ නැද්ද මානව අයිතිවාසිකම් රකින්න ඕනේ කියලා. මම අහන්න කැමතියි ගරු කථානායකතුමනි IMF සාකච්ඡා යනවා කියලා.
මේ රටේ මිනිස්සුන්ට භාෂණයේ නිදහස තියෙනවා කියලා. මේ රටේ මිනිස්සුන්ට ප්‍රකාශනයෙ නිදහස තියෙනවා කියලා දන්නේ නැද්ද..?

මේ කට්ටිය පරට ආවේකිරි පිටි ගන්න, හාල් ටික ගෑස් ටික ගන්න. මාස ගාණක් පෝලිම්වල හිටපු මේ මිනිස්සු ටික ආණ්ඩුව පීඩනයට තර්ජනයට මර්ධනයට ලක්කරනවා. ඊයේ මිනී මරන්න පටන් අරන්. මිනීමරු ආණ්ඩුවක් මේ… අපි අනිවාර්යෙන්ම ජන බලයෙන් පලවා හරිනවා.

මම අහන්න කැමතියිමේ ආණ්ඩුව මිනී මරලා බලයේ ඉන්නද හදන්නේ..? මේ ආණ්ඩුවෙම කෑල්ලක් වුණු කෑල්ලක් වුණු හිටපු ආණ්ඩුවටත් උගන්ඩාවට ජලය ලබාදුන්නු කාලයක් තිබුණා. රතු පස්සල වෙඩි තියපුවා මතකද..?

ලසන්තව මැරුවා.. කූගන්ලව මැරුවා.. මාධ්‍ය මර්ධනය කළා.. මේ රඹුක්කනින් දුන්නු ජනතාව තමයි ජන අරගලයටත් ගහනවා කියන එක.
එහෙම කොහොමද කරන්නේ. අද 12ට කළින් මේ සභාවට ගෙන්වන්න ආරක්ෂක ලේකම් පොලිස්පති සහ වෙඩි තියන්න අනුබල දුන්නු එස්.එස්.පී ගෙන්වන්න.ඒ අය පිටිපස්සේ ඉන්න අය දැනගන්න ඕනේ..

ඒ වගේම මම කියන්න කැමතියි අපිට ඇහුණා ඇමතිවරයා කියනවා උද්ඝෝෂණය පිළිගත්ත ආණ්ඩුවක්ලු. ඒ නිසාද ඇදිරි නීතිය දැම්මේ..
එහෙමද උද්ඝෝෂණ පිළිගන්නේ.. මෙතුමා බොරුවක් කිව්වේ..

අපිට දැනගන්න ඕනේ මොන ෂෙඩ් එකටද ගෙනාවේ.. කවුද ෂෙඩ් එකේ පිටිපස්සේ ඉන්න දේශපාලන හස්තය. ඇයි පරණ මිලට මේවා අලෙවි නොකළේ.
ඇයි බවුසරය නතර කරන් හිටියේ මිල වෙනස් වෙනකං. කළේ මහදහජරා වැඩක්.. නින්දිත ක්‍රියාවක් මේක… මේ මිනිස්සුන්ගේ පීඩනය තුල ආණ්ඩුව කරන්නේ කප්පම් දේශපාලනය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13