විශ්‍රාම යන නිලධාරීන්ට නිල වාහන පැවරීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි විශ්‍රාම යන නිලධාරීන්ට නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් සහ සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කර ඇත.