විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට රහසඟේ ඡායාරූප යැවූ සෞඛ්‍ය රියදුරාට වැඩ වරදියි (ඡායාරූප)

කාන්තාවකට වට්ස්ඇප් ඔස්සේ තම රහසඟ ඡායාරූප ගතකර යැවූ පුද්ගලයෙකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරෙකු ලෙස සිවය කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් එම ය අමාත්‍යාංශයේ සේවය කළ 61 හැවිරිදි පරිපාලන නිලධාරිනියකට මෙලෙස ඡායාරූප යවා ඇති අතර, ඇය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක බවත් , සැකකාර රියදුරා බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නිලධාරිනිය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටින කාලය තුල සැකකරු ඇයගේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර, එලෙස හඳුනාගත් දැන හැඳුනුම්කම් මත දුරකථන අංකය ලබාගෙන තිබෙනවා.

පසුව නිලධාරිනිය විශ්‍රාම ගිය පසු සැකකරු මුහුණු පොතේ මිතුරෙකු වශයෙන් ද සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සක්කර රියදුරා විසින් ඇයට දිගින් දිගටම වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවුඩ සහ ඇමතුම් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවන්වලදී ඔහු විසින් අදාළ විශ්‍රාමික නිලධාරිනියට සිය රහසඟ ඡායාරූප ගතකර යවා ඇති අතර, ඇතැම් අවස්ථාවල වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇඳි වස්ත්‍රය ඉවත්කර රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවට ද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරිනිය මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර රියදුරා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29