විවාහ යෝජනාවට උරණ වූ පෙම්වතා, පෙම්වතියට පහරදෙන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

තරුණියක් සිය පෙම්වතාට තමන්ව විවාහ කරගන්නා ලෙස පැවසූ අවස්ථාවක ඇයට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අසල්වැසි ඉන්දියාව තුළ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රීවා ප්‍රදේශයේ ජීවත්වන 19 හැවිරිදි තරුණියකට මෙලෙස සිය පෙම්වතා විසින් පහර දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

පසුගිය බදාදා මෙම සිදුවීම සිදුව ඇති අතර, ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් එම පහරදීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධව තරුණිය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව සැකකාර 24 හැවිරිදි පෙම්වතා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුව මුදාහැර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

කෙසේ වෙතත් මෙම පහරදීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ විත්තිකරුට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 323 වගන්තියට අනුව ඉන්දීය පොලිසිය විසින් නඩුවක් ගොනුකර ඇති බව සඳහන්.

මේ අතර, පොලිසිය විසින් මීට පෙර ඔහුව මුදාහැරීමෙන් අනතුරුව සැකකරු පලාගොස් මේ වනවිට සැඟව සිටින බවයි වාර්තා වුණේ.

එමෙන්ම පහරකෑමට ලක්වූ තරුණියගේ පැමිණිල්ලට අනුව අදාළ සිද්ධිය අසල සිට වීඩියෝ කරමින් සමාජ මාධ්‍යට මුදාහැරි පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍යයේ සැරිසරන පහරදීමට අදාළ සංවේදී වීඩියෝව පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40