විපක්ෂ නායක සමාව ගන්න පොරොන්දු වෙයි (වීඩියෝ)

ආන්දෝලනාත්මක ප්‍රකාශය කින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවූ බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පැවසුවේ කම්කරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබුණු බවයි.

ඉන්පසුව විපක්ෂ නායකවරයා මුණගැසුණු අතර ඔහු සමග තනිව සාකච්ඡා කළ බාවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහිදී විපක්ෂ නායකවරයා වතුකරයේ ජනතාව අමතා සමාව ගන්නා බව ද සඳහන් කළ බාවා වඩිවේල් සුරේෂ් මහතා මෙහිදී සඳහන් කළා.

රජයේ ඇමතිකමක් ලබා ගන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියාසිටියේ “මම වෘත්තීය සමිති කාරයෙක්. මම වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. මම ජනාධිපතිතුමා මෙන්ම විපක්ෂ නායකතුමා සමඟ සිටිනවා. ආණ්ඩුවට යනවා නම් යන්නේ සමගි ජන බලවේගය සමගයි” යනුවෙන්.

https://www.youtube.com/watch?v=1iO2uGSH5mk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30