විදේශ ඇමති සහ චීන තානාපති අතර සාකච්ඡාවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෑතක දී පැවති මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ දී චීන රජය දැක්වූ සහයෝගය මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුණා.

ඉදිරියේදී ද සහය අවශ්‍ය වන අවස්ථාවලදී චීනය ශ්‍රී ලංකාවට සහය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු කියාසිටියේ.

ශ්‍රී ලංකා – චීන නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට පවත්වන සාකච්ඡා පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය ආයතනවල සහය ඇතිව නිදහස් වෙළඳ ගිවිසුමේ 7 වැනි වටයේ සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බවද අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57