විදේශීය ඛනිජ සම්පත් අත්පත් කරගැනීමට ඉන්දීයාව සැරසෙයි

ඉහළ යන දේශීය ඉල්ලුම සපුරාලීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, විදේශීය පතල් අත්පත් කර ගැනීමෙන් ලෝකයේ ඉහළම නිෂ්පාදකයින් කිහිප දෙනෙකුගෙන් තඹ සහ ලිතියම් වැනි ලෝහ සැපයුම් ලබා ගැනීමට ඉන්දියාව ක්‍රම ගවේෂණය කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

එහි ආරම්භයක් ලෙස ඉන්දියාව විසින් ඛනිජ සම්පත් බහුල ආර්ජන්ටිනාවේ තඹ පතලක් සහ ලිතියම් පතල් දෙකක් දිගුකාලීන කල්බදු ලබා ගැනීමට හෝ මිලදී ගැනීමට හඳුනාගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම කාරණය පිළිබඳ සෘජු සම්බන්ධයක් ඇති අනන්‍යතාව හෙලි කිරීමට අකමැති වූ ඉහළ නිලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ආර්ජන්ටිනාවේ තඹ එ සහ ලිතියම් පතල් නිරීක්ෂණය සඳහා තාක්ෂණික අංශ විශේෂඥයින් කණ්ඩායමක් දැනටමත් එහි ගොස් ඇති බවයි.

“දැන්, අපි වාණිජ තක්සේරුව ආරම්භ කරන්නෙමු, ඒ සඳහා මාස කිහිපයක් පමණ ගතවනු ඇත.” අදාල නිලධාරියා තහවුරු කර තිබුණා.

විදේශීය ඛනිජ වත්කම් ගවේෂණය කිරීමේ එහි කොටසක් ලෙස, ඉන්දීය රජය විසින් කාබිල් සමාගම (KABIL) පිහිටුවා ඇති අතර එහි ඒකකයක් දැනටමත් ආර්ජන්ටිනාවේ ස්ථාපිත කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ලිතියම් යනු විදුලි වාහන බැටරි සෑදීමට භාවිතා කරන වැදගත් අමුද්‍රව්‍යයකි.

කාබන්හරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉන්දියාව විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීමේ පුලුල් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

S&P Global Mobility හි පුරෝකථනයකට අනුව ජපානය විස්ථාපනය කරමින් මගී සහ අනෙකුත් සැහැල්ලු වාහන සඳහා ලොව තුන්වන විශාලතම වෙළඳපොල බවට ඉන්දියාව පත් වනු ඇති.

මුළු තඹ අවශ්‍යතාවයෙන් 10-15% ක් පමණක් නිපදවන ඉන්දියාවේ තඹ පරිභෝජනය කැපීපෙනන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2022 දී ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන තඹ වෙළඳපොලක් බවට පත්වීමේ මාවතට පිවිස සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52