ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුනිකවැව ජනසිරිගම ප්රදේශයේ සිය නිවසේ දී වසපානය කර සියදිවිහානිකරගැනීමකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව අ/අනුර මහා විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්යාවක්.
මෙම පාසල් සිසුවිය විසින් පෙරේදා (04) වන දින තම පියාගේ ජංගම දුරකථනය පාසල වෙත රැගෙන ගොස් ඇති අතර එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිට අසුවී එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පති සන්තකයේ තබාගෙන ඇති අතර පසුදා තම පියා සමග පාසලට පැමිණෙන ලෙස පාසලේ විදුහල්පති විසින් පවසා තිබෙනවා එම සිසුවිය එයට ලජ්ජාශීලී තත්ත්වය සහ සිත් තැවුල හේතුවෙන් මෙලෙස තම නිවසේදීම වස පානය කර සියදිවි හානි කරගැනීම සිදුව ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.
මෙම දැරිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
දැරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි

MODA GON HANAMITI GURA LA HINDHA AHINSKA DARUWO AKALAYE DIWI NAHA GANNAWA. ISKOLE LAMAYAGE ADDRESS EKA NATHI DHA. LAMAYAWA PANTHIYATA YAWALA EKKO PEON LAMAYAGE GEDARA YAWALA DEMAWUPIYANWA KANDAWAGENA ENNA ONA. NATHINAM LIYUMAK YAWANNA ONA. LAMAYAWA GENNALA DANA GASWALA GUTI PUJA DEELA PALU YANNA BENALA ANITH LAMAYI GURUWARU IDHIRIYE NINDHA APAHASA UPAHASA KARALA NONDI KALAMA ONEMA EKEKUTA KARA GANNA HITHENNE MEKA MA THAMAYI. PHONE EKAK ISKOLE GENA EKA WARADAK UNATH ADA PASAL WALA ICE, TABZ GEN GANNA LAMAYI INNAWA. ADA HEROIN KIYANNA YAL PENA GIYA DEYAK. LAMAYI PIHI AYUDHA, CHAIN GENAWA. ONNA OWANE ALLANA ONA. OYA WAYASE DARUAN GE BOLANDHA HITH THERUM GANNA APITA WADA HINDHATA LAMA MANO VIDYAWA IGENA GANIPU URUWARU PRINCIPAL LATA HAKIYI. EYALA APITA WADA WEGEN DARUWANWA READ KARANAWA. EYI EDHA. ADHA APAYOJANAYA KARANWA, DUSHANYA KARANWA..