විදුලි බිල ඉහළ දැමීම පාඩුව පියවා ගන්නා තෙක් පමණයි – කංචන

විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබන පාඩුව පියවා ගන්නා තෙක් පමණක් විදුලි බිල ඉහළ දැමීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී මහජන උපයෝගිතා කොමිසම විසින් ලබාදුන් මිල සංශෝධනය තුළ ඒකකයක් සඳහා රුපියල් 29යි ශත 14ක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් සාමාන්‍ය විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 48යි ශත 42ක් වැයවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ, අනුව රුපියල් බිලියන 278ක ආසන්න මුදලක හිඟතාවක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

එම රුපියල් බිලියන 278ට ආසන්න හිඟ මුදල පියවා ගැනීමට පමණක් විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව අමාත්‍යවරයා මෙම විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ අතර නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු නැව් තුනක් ජනවාරි 05, 09 සහ 16 යන දිනවල මෙරටට පැමිණීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57