spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලිසැර වැදී පුද්ගලයකු මියයයි

කහගොල්ල වතුයායේ ගෝනමොටාව මාර්ගයේ ඇති අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක් අසල පුද්ගලයකු මියගොස් තිබේ.

වයස අවුරුදු 63 ක් වූ කහගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා .

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට මානසික රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර (17) වන දින නිවැසියන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇත .

මෘත ශරීරයේ විදුලිසැර වැදීම හේතුවෙන් ඇතිවූ පිලිස්සුම් තුවාල දක්නට ඇති අතර මෙම පුද්ගලයා අධිබලැති විදුලි රැහැන් කණුවට නැග විදුලි රුහැන් ඇල්ලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි .

මෘත දේහය දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර (19) වන අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධව හපුතලේ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?