විදුලිසැර වැදී පුද්ගලයකු මියයයි

කහගොල්ල වතුයායේ ගෝනමොටාව මාර්ගයේ ඇති අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක් අසල පුද්ගලයකු මියගොස් තිබේ.

වයස අවුරුදු 63 ක් වූ කහගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් තිබෙනවා .

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට මානසික රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර (17) වන දින නිවැසියන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇත .

මෘත ශරීරයේ විදුලිසැර වැදීම හේතුවෙන් ඇතිවූ පිලිස්සුම් තුවාල දක්නට ඇති අතර මෙම පුද්ගලයා අධිබලැති විදුලි රැහැන් කණුවට නැග විදුලි රුහැන් ඇල්ලීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි .

මෘත දේහය දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර (19) වන අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධව හපුතලේ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14