විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක් කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර ගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට ඊයේ (26) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබා ගැනීම රජයේ ඉලක්කය වී ඇති අතර මේ වන විටත් මෙගාවොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතිනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටු කර ගැනීමට නො හැකි වී ඇති බව ජනතා මතය වී ඇති අතර එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවි කරන සූර්ය පැනල පද්ධති යොදා ගැනීම සිදු විය යුතු බව සඳහන් කළා.

ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගාවොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක් කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා එහිදී පෙන්වා දුන්නා.

ඛනිජ තෙල් යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදුවනවා.

ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් බිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළා.

තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වන අතර ඒ අනුව පවතින මිලගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දුන්නා.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36