වැලිකඩ කැළඹූ පිරිමි පුද්ගල මළ සිරුර

වැලිකඩ නිපොන් පාර දියවන්නා ඔයේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව වැලිකඩ පොලීසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ ඇතුළුකෝට්ටේ මාලිගාව පාර පදිංචිව සිටි ශ්‍රී වික්‍රම පට්ටි වල ගේ ලීලාරත්න පනාන්දු 67 හැවිරිදි විවාහක පුද්ගලයෙකි

දියවන්නා ඔයේ කිසියම් පුද්ගලයකුගේ හිස කොටස දිය මතුපිටින් පෙනෙන බව වැලිකඩ පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් විසින් මළ සිරුර ගොඩගත් බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා රෝගීව සිටින මෑතකදී ශල්‍යකර්මයට ලක් වූ අයෙක් බවත් කිසියම් සිත් තැවුලකට පත්ව සිටි බවට ද ඥාතීන්ගේන් තොරතුරු ලැබූ බවත් පොලිසිය කියයි

අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්විය

වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද , සුළු පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් කේ එන් මධුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි