වැරදි වීම ස්වභාවික දෙයක් : රෝහන වීරසිංහ

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම පිණිස එක්වූ කලාකරුවන් අතරින් රෝහන වීරසිංහයන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.කෙසේ නමුත් අද අරගල භූමියට නන්දා මාලනියගේ පැමිණීමත් සමග රෝහන වීරසිංහ මහතා ගැනත් බොහෝ දෙනා විමසන්නට වුණා.

ආචාර්යය රෝහන වීරසිංහ ඒ සියලු දෙනාටම මුහුණු පොතේ සටහනක් තබා තිබුනේ මේ විදිහට,

අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි.ඒ වනවිට ශී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි.හොරකම- දූෂනය – වංචාව පවුල්වාදය-අවනීතිය-අකාර්‍යක්ෂමතාව-නිර්ලජ්ජිත බව මේ පාලනය තුල පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා🇱🇰🇱🇰

#RajapakshaGoHome

May be an image of text


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11